ශ්‍රී ලංකාව මුහුදින් වට වූ දූපතක් වශයෙන්, ගොඩබිම වී වගාවෙන් පෝෂණය වන්නා සේම, පිටතින් මත්ස්‍ය සම්පතෙන් ගහණ වූ අපූරු පිහිටීමක් ඇති භුමියක්. දේහයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන මෙන්ම, ශරීරයේ රුධිර පීඩනය හා හෘදයේ ක්‍රියාකාරීත්වය යාමනය කරමින් හෘදයාබාධ වළකන්නටත්, දියවැඩියාව, ආතරයිටීස්, ඇල්සයිමර් ආබාධයන් වළකන්නට, සහ ගර්භණී මව්වරුන්ට තම දරුවාගේ පෙනීමට හා මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය ලබා දීමට අවශ්‍ය වන ඔමෙගා-3 මේද අම්ල මූලික වශයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට ලැබෙන්නේ මේ මත්ස්‍ය සම්පත නිසා යි. සාමාන්‍යයෙන් අපේ නිවෙස්වල මාසයකට මාළු කිලෝග්‍රෑම් 2.9ක් පමණ භාවිතා වන බව සංඛ්‍යාලේඛන වාර්තාපෙන්වා දෙනවා.

පරා මාළු, ගල් මාළු, හුරුල්ලන්, සාලයන්, තෝරුන්, බලයන්, කෙළවල්ලන්, මඩුවන් ඇතුළු මාළු වර්ග රැසක් සහිතව මෙට්‍රික් ටොන් 162,000ත් 284,000ත් පමණ ප්‍රමාණයන් වාර්ෂිකව අස්වනු ලෙස මෙරටට ලැබුණා. 2016 වසර වන විට එය මෙට්‍රික් ටොන් 531,000 පමණ වනතුරු වර්ධනය වුණා. දේශීය පරිභෝජනයට පමණක් නොව වෙනත් රටවලට අපනයනය කිරීමෙන් විදේශීය විනිමය පවා ගෙන දෙන්නට අපේ මත්ස්‍ය සම්පත ලබා දෙන්නේ මහත් පිටිවහලක්.

බල මාළු සහ කෙළවල්ලන් ආර්ථිකයට වැඩි දායකත්වයක් සපයනවා (travel-srilanka.eu)
2004 සංඛ්‍යාලේඛන අනුව කෙළවල්ලන් සහ බලයන් වසරකට ටොන් 45,000ත් 76,700ක් පමණ ප්‍රමාණයක් නිපදවනු ලබන අතර ඉන් ටොන් 941ක් පමණ අපනයනය සඳහා යොමු කෙරෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රධානම සවිබලය ලැබෙන්නේ දේශීය ධීවර කර්මාන්තය හරහා යි. තම අඹු දරුවන් දින-සති-මාස ගණන් නොමැතිව අතොරක් නොපෙනෙන මුහුදේ ධීවරයන් කරන කැපවීම මෙතෙකැයි කියන්නට බැහැ. බත සරි කරන ගොවියාත්, මාළු සරි කරන ධීවරයාත් එක සේ අපේ කෑම පිඟානේ පෝෂණයෙන් 50%කටත් වඩා පරිපූර්ණ කරලනවා.

ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය
ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ දේශීය ධීවර කටයුතු සඳහා අවශ්‍ය විධිවිධාන සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. 2013 වර්ෂය වනතුරුම මෙරට වර්ග කි.මී. 517,000ක් තරම් පැතිරුණු අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ පමණක් අපේ ධීවරයන්ට සීමා වන්නට සිදු වුණා. කාලානුරූපව වෙළඳපොළ ඉල්ලුම, බහුදින යාත්‍රා ප්‍රමාණයේ ඉහළ යාමත් සමග ඊට විසඳුමක් වශයෙන් ඉන් ඔබ්බට ද අපේ නිම් වළලු පුළුල් කරන්නට එම දෙපාර්තමේන්තුව කටයුතු කළා.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ප්‍රඥප්තීන් යටතේ අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම් රැසකට එළඹෙන්නට සිදුවුණා. එම එකඟතාවයන් සහ නීති රීති අනුව අස්වනු නෙළීමේ සීමාවන්, ධීවර යාත්‍රා ගමන් කරන දුර ප්‍රමාණයේ සීමාවන් ඇතුළු රජය විසින් සැලකිල්ලට ගත යුතු සාධක බොහොමයක් ඇතිවුණා. 2016 වර්ෂයේ දී මුහුදේ ක්‍රියාත්මක වූ යාත්‍රා ප්‍රමාණය 50,669ක්. බහුදින ධීවර යාත්‍රා 3,996කින් කිලෝ ග්‍රෑම් ලක්ෂ 12ක් පමණ මාළු අස්වැන්න නෙලා ගන්නා බව NARA ආයතන දත්ත වාර්තා පෙන්වා දෙනවා. නමුත්, එකල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට මෙම යාත්‍රා කළමනාකරණය කිරීම, අල්වා ගනු ලබන මත්ස්‍ය ප්‍රමාණයන් පිළිබඳව දත්ත ලබා ගැනීමට ක්‍රමයක් නොතිබීම වැනි ගැටළු රැසකට මුහුණ පාන්නට සිදු වුණා.

බහුදින ධීවර යාත්‍රාවක් (trover.com)
මෙයට විසඳුම් සපයන්නට සමත් වුණේ 1986 වර්ෂයේ සිට ම ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් සවිබල ගන්වන EWIS ආයතනය යි. එකල පටන්ම ලොව ප්‍රමුඛ පරිගණක නිෂ්පාදකයෙක් වන IBM සමාගම හා කටයුතු කරමින් EWIS සමාගමට ඇගයුම් සම්මාන රැසකට පාත්‍ර වන්නට හැකියාව ලැබුණා. පසුව HP සමාගම සමගත්, දැන් Microsoft, Intel වැනි ආයතන සමගත් හවුල්කරුවන් වශයෙන් ඔවුන් කටයුතු කරනවා. වසර 30කටත් වැඩි මේ පළපුරුද්දෙහි ඵල ලබන්නට ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබුණා.

දියඹෙහි ඇති බහුදින ධීවර යාත්‍රා ඇති ස්ථාන හඳුනා ගැනීමත්, නෙළනු ලබන අස්වනු ප්‍රමාණ වාර්තා ලබා ගැනීමටත් තිබූ ගැටළුව විසඳීම සඳහා EWIS වෙතින් ටැබ් පරිගණක ධීවර යාත්‍රාවල ස්ථාපනය කිරීම සිදු කළා. කර්කෂ පරිසර තත්ත්වවල ඒවා ක්‍රියාත්මක වන නිසා EWIS නිෂ්පාදන සතු ඉහළ ගුණාත්මක බව ඊට ඔරොත්තු දුන්නා. මෙම ටැබ් යන්ත්‍ර IP67 ඇගයුම් වටිනාකමකින් හෙවත් දූවිලිවලට හා ජලය කාන්දු වීම් වලට ප්‍රතිරෝධී යි. මෙයට අවශ්‍ය මෘදුකාංගයන් ද සකසනු ලැබුවේ ඔවුන් විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ ද සහාය ඇතිව යි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම, එකම පරිගණක දෘඪාංග නිෂ්පාදකයා වශයෙන් දේශීය ගැටළුවකට දේශීය විසඳුමක් ගෙන එන්නට ඔවුන් සමර්ථ වුණා. රටේ මුදල් ප්‍රතිපාදන රට තුළම ඉතිරි කර ගනිමින් ආර්ථිකයට සවියක් වන්නට, අපිට අපේම පරිගණක ගෙන එන්නට EWIS වෙතින් ලැබෙන්නේ ඉමහත් දායකත්වයක්.
කවරය: limkimkeong.com
